ත්‍රිකුණාමලය ධීවරයින් දෙපිරිසක් අතර ගැටුමක්

ත්‍රිකුණාමලය තිරුකඩලූර් සහ විජිතපුර යන ගම්මාන දෙකේ ධිවරයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් ධීවරයන් 6 දෙනෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බව ත්‍රිකුණාමලය පොලිසිය පවසයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා නිලධාරීන් එම ප්‍රදේශයට කැඳවා තිබේ.

කෝණේෂ්වරන් මුහුදේ ධිවර කර්මාන්තයේ යෙදුනු මෙම ගම් දෙකේ ධිවර දෙපිරිසක් මුහුදේ මාලු අල්ලද්දී තහනම් පන්න ක්‍රම උපයෝගි කරගෙන මාලු ඇල්ලිම සම්බන්ධයෙන් ඇති වු බහින් බස්විමක් ගොඩබිමදි ගැටුමක් බවට පත්වී ඇති අතර දෙපිරිස විසින් ගල්මුල් වලින් පහරදීම නිසා ගම්මාන දෙකේ ධීවරයන් තිදෙනා බැගින් දෙපිරිසේම හයදෙනෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි.

ගම්මාන දෙකේ ධිවර නායකයින් කැදවා සිද්ධිය සමතයකට පත් කිරිමට කටයුතු කළ බව පොලිසිය පවසයි.

සිද්ධීය සම්බන්ධයෙන් මෙතක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ත්‍රිකුණාමල පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබයි

Leave a Reply