තරුණ බිරිඳක් නිවස තුළ අභිරහස් ලෙස ජිවිතක්ෂයට

නිවසක තනිව සිටි 25 හැවිරිදි තරුණියක් ඊයේ (11) පස්වරුවේ හදිසියේ මියගොස් ඇති බව ඉංගිරිය පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය බෝධිනාගල යහලවත්ත ප්‍රදේශයේ පදිංචි විවාහක තරුණියකි.

ඇය මීට මාස කිහිපයකට ඉහතදී විවාහ වූ තැනැත්තියක බව පොලීසිය පවසයි.

මිය ගිය තරුණියගේ ස්වාමිපුරුෂයා රැකියාව නිමවී සවස නිවසට පැමිණීමේදී සිය බිරිඳ මුළුතැන්ගෙයි සිහිසුන්වී වැටී සිටින අයුරු දැක තිබේ. පසුව ඔහු ඇයව ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මිය ගිය තරුණිය වැටී සිටි ස්ථානයට ආසන්න කාමරයක විදුලි පේනුවක් බිත්තියෙන් වෙන්වී පිටතට නෙරා තිබූ බවද පොලීසිය නිරීක්ෂණය කර තිබේ.

තරුණිය මිය ගියේ පැවති ධාරානිපාත වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන් ද යන්න සැකයක් පවතින බවද වාර්තාවේ.

තරුණියගේ හදිසි මරණයට හේතුව දැනගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය

Leave a Reply