තරුණයින් දෙදෙනෙක් දුම්රි‍යේ ගැටී මරුට

දුරකතනයෙන් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු වදුරුව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (25) පෙරවරු 5.45 ට පමණ දුම්රියේ ගැටී මියගොස් තිබෙන බව වාර්තාවේ.

මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ වදුරුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු සහ 19 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයින් දෙදෙනාගේ නිවෙස් දුම්රිය මාර්ගය ආසන්නයේම පිහිටා තිබෙන අතර විනෝද චාරිකාවක් යාම සදහා අද උදෑසන ම සූදානම් වී වදුරුව දුම්රිය ස්ථානය දෙසට ගමන් කර ඇති බවයි වාර්තාවේ.

කෙසේ වෙතත් ජංගම දුරකථනයකින් කතා කරමින් ඔවුන් දෙදෙනා ගමන් කරමින් සිටියදී ඊට පිටුපසින් පැමිණි බදුල්ල සිටි කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

අනතුරෙන් පසුව මිය ගිය තරුණයින් දෙදෙනාගේ දේහයන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ගෙනැවිත් තිබේ.

Leave a Reply