තම මිතුරා අමතක නොකළ සමන්තා

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ප්‍රධානී සමන්තා පවර් දිවයිනෙන් පිටව යාමට පෙර මෙරට තම හිතවතා වූ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවිර පිළිබඳ මතකය ආවර්ජනය කරමින් ටිවිටර් සටහනක් තබා තිබේ..

මංගල සමරවීර යනු දක්ෂතාවෙන්, නිර්මාණශීලිත්වයෙන් සහ බුද්ධියෙන් හෙබි රටට මුල් තැන දුන් අයෙක් බවත් තම මිතුරාගේ ආත්මය මෙරට තුළ යටපත් වී ඇති බව එහි සදහන්ය.

එහි දී ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා, පුද්ගලික ආයතන සහ සිවිල් සමාජය සමග තමා කරන ලද සාකච්ඡාවල දී මංගලගේ අදහස් වඩා විවාදාත්මකව ඉස්මතු වූ බව සිහිපත් කරමින් කියා සිටින්නේ එම සාකච්ඡාවල පසෙකින් මංගල සිටින්නා සෙයක් තමාට දැනුණු බවය

තව ද ශ්‍රී ලාංකිකයන් මේ වන විට අභියෝගවලට මුහුණ දෙමින් ඒවා විඳදරා ගනිමින් සිටින අතර මංගලගේ ප්‍රඥාව, තරුණයන් සමඟ ඔහුගේ සම්බන්ධය සහ ඔහුගේ ප්‍රායෝගික විඥානවාදය මග හැරී ඇති බවත් ඔහුගේ වියෝව පිළිබඳව තමන් දුක්වන අතරම, අපි සැමට ඔහුගේ මතකයන් තුළින් ආශ්වාදයක් ලබා ගත හැකි යැයි තමන් සිතන බවත් ඇය තම ට්විටර් සටහනේ වැඩිදුරටත් සදහන්ය.

Leave a Reply