තනි වල් අලියා ජිවිත දෙකක් බිලිගනි

කුඹුරක පැල් රකිමින් සිටියදී වල් අලියකු පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ අඹුසැමි යුවළක් වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (24) අළුයම මියගොස් ඇතැයි කැබිතිගොල්ලෑව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සියඹලාගස්වැව පදිංචි 58 හැවිරිදි වියෙහි පසුවු අඹුසැමි යුවළකි. 

ඊයේ (23) මධ්‍යම රාත්‍රි දොලහට පමණ මෙම වල් අලි පහරදිම සිදුව ඇති අතර මියගිය යුවළගේ නිවස පිටුපසට මීටර් සීයක් පමණ දුරින් පිහිටා තිබූ කුඹුරක අඩි 12 ක් පමණ උසට කණු සිටුවා සකසා තිබූ පැලක මොවුන් පැල් රකිමින් සිට ඇති බව ය. එහිදී මධ්‍යම රාත්‍රීයේ පමණ එකවරම තනි අලියකු මෙම පැලට කඩා වැදී ඇති බව පොලීසිය පවසයි.

අලියාගේ පහරදීමෙන් අඹුසැමි යුවළ ද සමඟ පැල සම්පූර්ණයෙන් බිමට කඩා වැටී ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

පසුව ඥාතීන් විසින් සුවසැරිය ගිලන් රථය ගෙන්වාගෙන කැබිතිගොල්ලෑව රෝහලට තුවාලකරුවන් රැගෙන ගොස් තිබෙන අතර පසුව තත්වය බරපතල හේතුවෙන් ඔවුන් වව්නියාව මහ රෝහලට මාරු කර යැවීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබේ. එහිදී මොවුන් දෙදෙනා මියගොස් තිබේ.

Leave a Reply