මහල් ගොඩනැගිල්ලකින් පහළට දැමු කුඩා දරුවෙකු ජිවිතක්ෂයට

කොළඹ ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් පහළට විසිකිරීමෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පත්ව ඇත්තේ වයස අවුරුදු එක හමාරක කුඩා පිරිමි දරුවෙකු බව පොලීසිය පවසයි.

අදාළ දරුවාගේ මවගේ සොහොයුරා විසින් මෙම දරුවා පහළට විසිකර ඇති බවට පොලීසිය සැක පලකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකපිට අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply