තංගල්ල සංචාරක හෝටලයක මියගොස් සිටි යුවළකගේ සිරුරු සොයාගනි

තංගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අභිරහස් ලෙස මියගොස් සිටි තරුණියකගේ සහ තරුණයෙකුගේ මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම හෝටලයේම සේවයේ නිරතව සිටි තරුණයෙකු සහ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.

ඔවුන් දෙදෙනා ගෙළවැලලාගෙන සියදිවි හානි කරගන්නට ඇති බවට පොලීසිය සැක පළකරන අතර මරණයට හේතුව තවමත් අනාවරණය වි නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Leave a Reply