ඩොලරය කැපි පෙනෙන ලෙස පහළට

අමෙරිකානු ඩොලරය අද (21) කැපි පෙනන ලෙස පහළ ගියේ ය. 

ලංකා බැංකුව අද (21) උදෑසන නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 333 යි සත 54 ක් ලෙසයි. 

ඒ අනුව අද (21) අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 315 ක් ලෙස පහළ ගියේ ය.

ජාතන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත වීමත් සමග මෙලෙස ඩොලරය පහළ ගොස් ඇති බව වෙළදපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  

මෙරට වාණිජ බැංකුවල අද (21) විනිමය අනුපාත සටහන පහතින්

මහජන බැංකුව – රු. 308 – රු. 330.92

සම්පත් බැංකුව – රු. 315 – රු. 330

කොමර්ෂල් බැංකුව – රු. 314.66 – රු. 336

ලංකා බැංකුව – රු. 315 – රු. 333.54

සෙලාන් බැංකුව – රු. 311 – රු. 338

අමානා බැංකුව – රු. 315.50 – රු. 330.50

Leave a Reply