ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යෑමක්

මෙම වසරේ දී ඩෙංගු රෝගීන් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව ගත වූ මාස දෙකයි දින 18කට ආසන්න කාලය තුළ ඩෙංගු රෝගීන් 16,016ක් වාර්තා වී ඇත. මාර්තු මාසයේ ගත වූ දින 18කට ආසන්න කාලයට පමණක් ඩෙංගු රෝගීන් 2,407ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරේ මාර්තු මාසයේ දින 31ටම මෙරටින් වාර්තා වී තිබුණේ ඩෙංගු රෝගීන් 2,392ක් පමණි.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම මෙම වසරේ දී සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Leave a Reply