ඩුබායි ඉඳලා ආපු මෙරට තරුණයෙකුට වඳුරු උණ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු උණ රෝගියා ඊයේ (03) හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය ප්‍රකාශ කර තිබේ.

ඔහු 20 හැවිරිදි තරුණයෙක් බවත් ඉකුත් පළමුවෙනිදා ඩුබායි සිට පැමිණ ඇති බවත් වෛද්‍ය පර්යේෂණ ආයතන ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

පෙරේදා (02) එම තරුණයා උණ සහ සමේ බිබිලි හටගෙන තිබීම හේතුවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට ඉදිරිපත් වී ඇත. එහිදී වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම රෝගියා වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමු කර ඇත.

පසුව වෛද්‍ය පර්යේෂණ ආයතනය රෝගී තරුණයාගෙන් සාම්පල කිහිපයක් ලබා ගෙන ඇති අතර සෑම නියැඳියකම වඳුරු උණ රෝගය හඳුනා ගන්නා විශේෂිත ජාන තිබෙන බව එහිදී අනාවරණය වූ බව වෛද්‍ය පර්යේෂණ ආයතන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම රෝගියා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇත

ඒ සම්බන්ධයෙන් පෙර පුවත් සඳහා

https://galletimes.lk/?p=2652

https://galletimes.lk/?p=2643

One thought on “ඩුබායි ඉඳලා ආපු මෙරට තරුණයෙකුට වඳුරු උණ

Leave a Reply