ජීප් රථයක් නැති රත්ගම පොලිසිය

රත්ගම පොලිස් ස්ථානයේ ජීප් රථය කලක සිට ධාවනය කල නොහැකි තතත්ත්වයට අබලන්ව පවතින අතර තිබෙන කැබ් රථයද කලක සිට එක තැන දිරාපත් වෙමින් තිබේ.

එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ ගාල්ල පොලිස් අධිකාරි කොට්ඨාසයේ අපරාධ වැඩි වශයෙන් වාර්තාවන තම ගමේ පොලිසියට ජිප් රථයක් නොමැති විම බලවත් අඩුවක් බවය.

අධි ආරක්ෂිත බූස්ස බන්ධනාගාරය යුධ හමුදා කඳවුර නාවික හමුදා කඳවුර විශේෂ කාර්ය බලකා කඳවුර මෙන්ම පාසල් 28ක්ද තිබෙන  රත්ගම පොලිස් වසම ග්‍රාම නිලධාරි වසම් 28කින් යුක්තය.

මේ වනවිට පොලිස් නිලධාරින්ට රාජකාරි කිරිමට යාමට සිදුව ඇත්තේ ත්‍රි රෝද රථයෙනි. කිසියම් අපරාධයක් වාර්තාවු අවස්ථාවක පොලිස් නිලධාරින් ත්‍රි රෝද රථයෙන් එම ස්ථානයට යනවිට අපරාධකරුවන්ට පලායාමට හොඳටම කාලය තිබෙන බවත් ත්‍රි රෝද රථයකින් අපරාධකරුවන් පිටුපස හඹා යාමට නොහැකි බවත් ප්‍රදේශවාසිහු පෙන්වා දෙති. 

මේ සම්බන්ධයෙන් ගාල්ල දිසාබාර නියෝජ්‍ය පොලිස්පති උජිත් එන්.පී.ලියනගේ මහතාගෙන් විමසුවිට කියා සිටියේ අලුත් ජිප් රථ 750ක් ලැබිමට නියමිත අතර පසුගිය දිනවල ලැබුනේ ජිප් රථ 125ක් පමණක් බවය. ඉදිරි දිනවල තවත් ජිප් රථ ප්‍රමාණයක් ලැබිමට නියමිත බවත් ඒවා ලැබුන පසු පොලිස් ස්ථානවලට අලුත් ජිප් රථ ලබාදිමට හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් පැවසිය.  

Leave a Reply