ජාත්‍යන්තර සර්ෆින් තරඟාවලියක් අහංගමදී

අහංගම කබලාන මුහුදු තීරයේදී ඊයේ (26) සහ (25) පෙරේදා රටවල් 25 ක සහභාගීත්වයෙන් “සර්ෆින්” තරගාවලිය පැවැත්වුණා.

ශ්‍රි ලංකාව ද ඇතුළුව රටවල් 25ක් නියෝජනය කරමින් තරග කරුවන් 120ක් සහභාගී වු මෙම තරගයේ කාන්තා අංශයේ ජය දකුණු අප්‍රිකාවේ Nikita Robb දිනාගත් අතර පිලිවෙලින් දෙවන හා තෙවන ස්ථාන බ්‍රසීලයේ Potyar Scheafer විසින් හා ස්වීඩනයේ Felicia Steen විසිනුත් දිනාගත් බව අමාත්‍යවරයා ෆේස්බුක් සටහනක් තබමින් පැවසීය.

පිරිමි අංශයේ ජය දකුණු අප්‍රිකාවේ Jacob Mellish විසින් දිනාගත් අතර දෙවන ස්ථානය ශ්‍රි ලංකාවේ Lakshitha Madushan විසිනුත් තෙවන ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ Shane Holmes දිනාගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සංචාරක අමාත්‍යාංශයේ හා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ පූර්ණ අදීක්ෂණය යටතේ මෙම තරඟාවලිය පැවත්වින

Leave a Reply