ජාත්‍යන්තර මුහුදේ නෞකාවක මියගිය විදේශිකයෙකුගේ මළසිරුර ගාලු වරායට

බ්‍රසීලයේ සිට සිංගප්පූරුව දක්වා ගමන් ගත් චීන සමාගමකට අයත් නෞකාවක සේවය කළ මියන්මාර ජාතිකයෙකු මියගොස් ඇති බවත් ඔහුගේ මළ සිරුර ගාලු වරායට රැගෙන එමට නියමිත බව වරාය පොලිසිය පවසයි

මෙම නෞකාව ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් සිටියදි ඉකුත් 14 වනදා ඇතිවු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් 44 හැවිරිදි මෙම මියන්මාර ජාතිකයා මියගොස් තිබේ.

මෘත දේහය ගාලු වරායට ගෙන එමෙන් පසු දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කරාපිටිය රෝහල වෙත ගෙන යෑමට නියමිතව තිබේ.

Leave a Reply