ජාත්‍යන්තර මුහුදේ අනතුරට පත් යාත්‍රාවක සිටි විදේශිකයන් පිරිසක් නාවික හමුදාව බේරාගනි

යාපනයට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවේදි අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි මියන්මාර ජාතිකයන් 140 දෙනෙකු නාවික හමුදාවේ විශේෂ මෙහෙයුමකින් බේරාගෙන තිබේ

මෙම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවට ඊයේ පස්වරුවේ මෙරට ධීවර යාත්‍රාවක් මගින් නාවික හමුදාව වෙත දැනුම්දී ඇත. පසුව නාවික හමුදාව උදාර නෞකාව ඇතුළුව සිය මෙහෙයුම් යාත්‍රා පහක් අනතුරට පත් යාත්‍රාව බේරාගැනීම සඳහා යොමුකර තිබේ.

බේරාගත් මියන්මාර ජාතිකයන් පිරිස මේ වනවිට යාපනය – මයිලිට්ටි වරාය වෙත රැගෙන එමින් පවතින බව වාර්තාවේ.

Leave a Reply