ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රි ලංකා කණ්ඩායමට දඩයක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ මුදලක් පනවා ඇත

මේ අනුව තරග මුදලින් සියයට 20ක දඩ මුදලක් ශ්‍රී ලංකා කණ්ඩායමට පනවා ඇත

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ  මන්දගාමී පන්දුයැවීම හේතුවෙන් ICCය විසින් මෙම දඩ මුදල පනවා ඇත.

මෙම චෝදනාවට අදාළ වරද ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පිළිගැනීම හේතුවෙන් මෙම චෝදනාවට පරීක්ෂණයක් සිදුනොකරන බවද ICCය සඳහන් කර ඇත.

Leave a Reply