ජල සම්පාදන මණ්ඩලයේ වාහනවලට පහරදුන් අනියම් සේවකයින් රිමාන්ඩ්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ගාල්ල කාර්යාලයේ වාහන තුනකට පහරදි අලාබ හානි කිරිමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ජල සම්පාදන මණ්ඩලයේ අනියම් සේවකයින් 04 දෙනකු ලබන 11 වනදා දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කලේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජල සම්පාදන මණ්ඩලයේ අනියම් සේවකයින් 04 දෙනෙකි..
සැකකරුවන් ඉකුත් 29 වනදා සවස සේවය නිමවා වක්වැල්ල පාර පිහිටි බීක්කේ කාර්යාලයට ගොස් ඇති බවත් එසේ සිටියදි රාත්‍රි විදුලිය විසන්ධිකර ඇති බවත් ඒ සමගම ශබ්දයක් ඇසි ආරක්ෂක නියාමකවරයා විදුලි පහන් දල්වා බලනවිට සැකකරුවන් වාහන වලට පහරදෙන අයුරු දැක ඇති බවත් පොලිසිය අධිකරණයට කියා සිටියේය.
සිද්ධියෙන් පසුව සැකකරුවන් සේවය අවසන් කොට පිටවිම වාර්තාකොට එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

Leave a Reply