ජර්මන් කතගේ ගමන්මල්ල වැල්ලවායේදී හොරු අරන්

ජර්මනියේ සිට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් ජාතික කාන්තාවකගේ ගමන් මල්ල ඉකුත් ඉකුත් 25 වැනිදා වැල්ලවාය බස් නැවතුම්පොලේ බස් රථයක තිබී කිසියම් අයෙකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

48 හැවිරිදි මෙම ජර්මන් ජාතික කාන්තාව තණමල්විල සිට බදුල්ල දක්වා ගමන් කළ ලංගම බස් රථයකින් ඇල්ල ප්‍රදේශයට යමින් සිටියදී බස් රථය වැල්ලවාය බස් නැවතුම්පොළේ දී නතර කර ඇත. එම අවස්ථාවේදී ඇයට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමට බසයෙන් බැස ඇත්තේ ඇගේ ගමන් මල්ල රියදුරු අසුන ආසන්නයේ තබමිනි. නැවත පැමිණ බලන විට දී ගමන් මල තිබී නැත

සිද්ධිය පිළිබඳ ඇය වැල්ලවාය පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එහි ඇඳුම් සහ සුවඳ විලවුන් වර්ග තිබූ බවට ද දැනුම් දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Leave a Reply