ජපානයේ තවත් ප්‍රබල භූමිකම්පාවක්

ජපානයේ Okinawa දූපතට ආසන්න මුහුදේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.9 ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි.

කෙසේ වෙතත් මින් සිදුවු හානි පිළිබඳව තවමත් වාර්තා වි නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර අද (11) පෙරවරුවේ ජපානයේ ටෝකියෝ නුවර ආසන්නයේ භූ කම්පනයක් හටගෙන තිබු අතර මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.4ක ප්‍රබලත්වයක් සටහන් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ද සුළු තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි.

කෙසේවෙතත් එරට කාලගුණ අංශ දැනුම් දී ඇත්තේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවය

Leave a Reply