ජනාධිපතිවරයා ගාල්ලේ නිරික්ෂණ චාරිකාවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (31) පෙරවරුවේ කොග්ගල සහ අහංගම සංචාරක ප්‍රදේශයේ පිහිටි හෝටල් කිහිපයක නිරික්ෂණ චාරිකාවකට එක්ව තිබේ.

කිසිවෙකුටත් නොදන්වාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැමිණි ඇති අතර එහිදි සංචාරක හෝටල් හිමියන් සමග සාකච්ඡාවන් කිහිපයකට එක්ව තිබේ.

මේ වන විට සංචාරක හොටල් හිමියන්ට මුහුණු පෑමට සිදුවන ගැටලු පිලිබඳව මෙහිදී ඝෘජුවම ජනාධිපතිවරයාගේ අවාධානයට ලක්ව ඇති අතර මෙහි නවතැන්ගෙන සිටි විදේශිකයන් කිහිපදෙනෙක් සමගද ජනාධිපතිතුමන් සුහද පිලිසඳරකට එක්ව තිබේ

Leave a Reply