චීන බැලුනය ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් විනාශ කෙරේ

ඇමරිකානු ගුවන් සීමාවේ පාවෙමින් තිබූ චීන බැලුනය F- 22 Raptor වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් මගින් මිසයිලයක් එල්ල කර මෙම බැලූනය විනාශ කළ බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලැන්ග්ලි ගුවන් හමුදා කඳවුරේ පිහිටි 149 ප්‍රහාරක බලඝණයේ ප්‍රහාරක යානයක් විසින් අඩි 58,000ක් ඉහළ අහසේ සිට ප්‍රහාරය එල්ල කර තිබේ.

කැරොලයිනා මුහුදු සීමාවට ඉහළින් සිදුකළ මෙම මෙහෙයුම සඳහා කැරොලයිනා ප්‍රාන්තයේ ගුවන් තොටුපල 3 ක් වසා දමා තිබේ

එහි සුන්බුන් කැරොලයිනා ප්‍රාන්තයේ මර්ටල් වෙරළ ආසන්නයේ කිලෝමීටර 11 ක් පුරා පැතිර ඇති බවත් එම සුන්බුන් එක්රැස් කිරීම සඳහා නාවික කිමිදුම්කරුවන්, නෞකා තුනක් සහ දොඹකර ඇතුළු යන්ත්‍ර යොදා ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.

බැලුනයක් හේතුවෙන් චීන ඇමෙරිකාව අතර අවුලක්

Leave a Reply