චැඩ් කාන්තාරයෙන් සංක්‍රමණිකයන්ගේ මළ සිරුරු 27 හමුවෙයි

කුඩා ළමුන් ඇතුළු සංක්‍රමණිකයන් 27 දෙනකුගේ මළසිරුරු චැඩ් රාජ්‍යයේ කාන්තාරයෙන් හමුවී ඇතැයි සංක්‍රමණිකයන් සඳහා ජාත්‍යන්තර සංවිධානය (IOM) නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම සංක්‍රමණිකයන් පිරිස මීට වසරකට පෙර, චැඩ් රාජ්‍යයේ මොසෝරෝ නමැති නගරයේ සිට මුහුද දෙසට ගමන් අරඹා ඇතැයි එහි සදහන්ය. කෙසේ නමුත්, ඔවුන් කාන්තාරයේ අතරමං වී, පිපාසයෙන් මියයන්න ඇතැයි සංක්‍රමණිකයන් සඳහා ජාත්‍යන්තර සංවිධානය අනුමාන කරයි.

මේ වසරේ මෙම කාන්තාරයේ දී සංක්‍රමණිකයන් 150කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව එහි සඳහන් වේ.

පසුගිය වසර අට තුළ සහරා කාන්තාරය තරණය කිරීමට උත්සාහ කළ පුද්ගලයින් 5,600 කට වැඩි පිරිසක් මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති අතර, මෙම නවතම මරණ ඇතුළුව චැඩ් හි සංක්‍රමණික මරණ 110 ක් වාර්තා වී ඇති බව IOM සංවිධානය පවසයි. කෙසේ වෙතත්, බොහෝ මරණ වාර්තා වී නොමැති බැවින් සැබෑ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බව එහි සදහන්ය.

Leave a Reply