චණ්ඩ සීට්‍රෑන්ග් හෙට බංගලදේශයට – ලක්ෂ ගණන් ජනයා ඉවත් කෙරේ

මේ වන විට මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින සීට්‍රෑන්ග් චණ්ඩ සුළි කුණාටුව හෙට (25) අලුයම බංගලදේශය වෙරළ තීරය හරහා එරටට ඇතුළුවන බව ඉන්දිය ජාත්‍යන්තර කාලගුණ අංශ නිවේදනය කළේය.

පැයට කිලෝමීටර් 110 වේගයෙන් හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද එහි සඳහන්

සුළි කුණාටුව ඇති වීමට පෙර කුණාටුවේ බලපෑමට දැඩි ලෙස ලක්විය හැකි ප්‍රදේශවලින් මිලියන 2.5 ක පමණ ජනතාවක් ඉවත් කිරීමට බංගලදේශ රජය සැලසුම් කර තිබු අතර අද පස්වරුව වන විට කුණාටුවේ බලපෑමට ලක් විය හැකි වෙරල ආශ්‍රිත ප්‍රදේශවලින් පුද්ගලයන් 250,000 දෙනෙකු ඉවත් කර තිබේ.

මෙම වන විට සුළි කුණාටුවට මුහුණ දීම සඳහා සියලු අංශ සීරුවෙන් තබා ඇති බවත්, සහන කණ්ඩායම්, වෛද්‍ය කණ්ඩායම ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් මේ සඳහා සූදානමින් සිටින බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ වන විටත් වෙරළාශ්‍රිත ප්‍රදේශවලය තද සුළං සමග වර්ෂාව ආරම්භ වී ඇති බවත් ජනතාවට ආරක්ෂිතව නිවාස වලට වී සිටින ලෙස එරට බලධාරීන් දැනුම් දී තිබෙන බව එහි සඳහන්

මේ අතර ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ වෙරළාශ්‍රිත ප්‍රදේශ වලටද සුලි කුණාටුව පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත

Leave a Reply