ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රි ලංකාව 64 වැනි තැනට

2022 වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ 64 වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව ඇති බව Global Hunger Index වාර්තාව සදහන් කළේය.

ශ්‍රී ලංකාව ලකුණු 13.6 ක් ලබා ගනිමින් 64 වෙනි ස්ථානය හිමිකරගෙන ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාව සාගින්න අතින් මධ්‍යස්ථ මට්ටමේ පසු වන බව එහි සදහන්ය. 2021 වසරේ සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 116 ක් අතරින් 65 වැනි ස්ථානයට පත්ව් ඇත.

ගෝලිය සාගිනි දර්ශකයේ (GHI) නවතම ලැයිස්තුගත කිරීම තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවටත් වඩා පහළට ඇද වැටී තිබේ.

ඒ අනුව දකුණු ආසියානු රටවල් අතරින් ඉන්දියාව 107 වැනි ස්ථානයේ පසුවන අතර පාකිස්තානය (99), බංග්ලාදේශය (84), නේපාලය (81) සහ ඇෆ්ගනිස්තානය 109 වැනි ස්ථාන හිමිකරගෙන ඇත.

මෙම දර්ශකයේ නවතම වාර්තා අනුව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, මැඩගස්කරය සහ යේමනය යන රටවල් 5ක සාගින්න භයානක මට්ටමක පවතින අතර, බුරුන්ඩි, සෝමාලියාව, දකුණු සුඩානය සහ සිරියාව අමතර රටවල් හතර තාවකාලිකව භයානක තත්ත්වයට පත්ව තිබේ.

දේශගුණික අර්බුදය සහ යුක්රේනයේ යුද්ධයෙන් සංකලිත වූ COVID-19 වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාක සමඟ කුසගින්න නිමා කිරීමේ උත්සාහයන් වලදි ලෝකය බරපතල පසුබෑමකට මුහුණ දී සිටින බව ගෝලිය සාගිනි දර්ශකයේ වැඩිදුරටත් සදහන්ය

මෙවර මෙම දර්ශකය ලෝකයේ රටවල් 121 ක් ඇසුරින් සකස් කර ඇත.

ලෝක සාගත දර්ශකයේ ලංකාව පසුවන ස්ථානය පිළිබඳ විස්තර 👇

https://www.globalhungerindex.org/sri-lanka.html

Leave a Reply