ගුවන් තොටුපොලේදී අල්ලාගත් අපරාධ සැකකරුවෙකු පැන යයි

කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළාගොස් තිබෙන බව පොලිසිය.

සැකකරු ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ඩුබායි බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු එහිදී පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් ඇත.

මෙම සැකකරු පුද්ගල ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණය වී ඇති අතර ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් ද පනවා ඇති බව සඳහන්ය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Leave a Reply