ගුරු මාරු Online ක්‍රමයට

ඉදිරියේ දී මාර්ගගත ක්‍රමයට (online) ගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මානව සම්පත් කළමනාකරණ පද්ධතියේ ‘(NEMIS-THRM)’ අන්තර්ගත පෞද්ගලික හා සේවා දත්ත ඇසුරින් එය සිදුකරන බව එම අමාත්‍යංශය පැවසීය.

එම ක්‍රියාවලිය කඩිනම්ව හා විධිමත් ව සිදුකිරීම සඳහා ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ පද්ධතිය දෛනික ව යාවත්කාලීන කළ යුතුව පවතී. එබැවින් ගුරුවරුන් විසින් සිය තොරතුරුවවල නිරවද්‍යභාවය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

රජයේ පාසල්වල සියලු ගුරුවරුන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බව දන්වා ඇත.

https://nemis.moe.gov.lk තොරතුරු ජාලය ඔස්සේ ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතියට පිවිස සිය තොරතුරුවල නිරවද්‍යභාවය තහවුරු කරගත යුතු බවත් සංශෝධනයන් වෙතොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දන්වා ඇත

Leave a Reply