ගිංතොට ගැටුමකින් 12 ක් රෝහලේ

ගිංතොට මුස්ලිම් පල්ලියක දෙපාර්ශවයක් අතර ඊයේ (26) සවස ආරවුලක් දුරදිගයාමෙන් ඇතිවු ගැටුමකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

පල්ලිය තුළ ආගමික උත්සවයක් පැවෙත්වෙන අතරතුර කොඩියක් එසවිම සම්බන්ධයෙන් මෙම දෙපාර්ශවය අතර ගැටුම ඇති වී තිබෙන බව පරික්ෂණවලදි අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් 04 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (27) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබින. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply