ගෑස් පිරවු ඉන්ධන බවුසරයක් කළ හදියක්

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නගරයේ ඉන්ධන බවුසරයක් පුපුරා යෑමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50 දෙනෙකුට අධික පිරිසක් තුවාල ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ හේතුවෙන මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ ය

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) ලීටර් 60,000 ක් ප්‍රවාහනය කරන්න වූ බවුසරයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවත් බවුසරය පාලමක් යටින් ගමන් කරද්දි එය පාලම යට සිරවී ගිනි ගෙන තිබේ.

පසුව ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් වහා කැඳවා ඇති අතර පිපිරීම සිදුවී ඇත්තේ ගිනි නිවන භටයන් ගින්න නිවා දැමීමට අසාර්ථක උත්සාහයක නියැලී සිටිද්දී යැයි ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සිදුවුණු පිපිරීමෙන් පාලමටත්, අසල්වැසි නිවාස සහ ගොඩනැගිලිවලටත් හානි සිදුව තිබෙන අතර එම ස්ථානයේ රෝහලක් තිබුණු බවත් ඊට ද හානි සිදුවුණු බවත් වාර්තා වේ.

Leave a Reply