ගැඹුරු ළිඳට වැටුණු ඉන්දීය දරුවා මරුට

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මන්ඩාවි ගම්මානයේ කුඩා විවරයක් සහිත ගැඹුරු ළිඳකට ඇද වැටී සිටි අට හැවිරිදි දරුවා මියගොස් ඇති බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිය සොහොයුරිය සමග සෙල්ලම් කරමින් සිටියදි දින හතරකට පෙර පටු ළිඳට ඇද වැටුණු තන්මේ සාහු නම් මෙම දරුවා මුදා ගැනීමට පැය 60කට අධික කාලයක් පුරා එරට හදිසි ආපදා අංශ උත්සාහ ගත්තද දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන් අසමත් වී තිබේ.

සිද්ධිය සැලවූ වහාම පිරිස ළිඳ වෙත ගොස් තිබූ අතර ඒ වනවිට දරුවා සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණත් පසුව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ පැය 40කට පමණ පසු ඔහුගෙන් කිසිදු ප්‍රතිවාරයක් නොලැබුණ බවය.

ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ පැය 40කට පමණ පසු ඔහුගෙන් කිසිදු ප්‍රතිවාරයක් නොලැබුණ බවය.
 

ඉකුත් කාලවානුවල ඉන්දියාවේ මේ ආකාරයට ළමුන්ය බොහෝ දෙනෙක් මෙවැනි අනාරක්ෂිත ගැඹුරු ලිං තුලට වැටීමෙන් මියගොස් තිබේ
 

Leave a Reply