ගැඹුරු මුහුදේ මියගිය බහුදින යාත්‍රාවේ නියමුවාගේ සිරුර ගාල්ලට

ඈත ගැඹුරු මුහුදේදි හෘදයාබාධයකින් මියගිය බහුදින යාත්‍රාවක නියමුවෙකුගේ මළ සිරුර ඊයේ (05) සවස ගොඩබිමට ගෙනැවිත් පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය රෝහලට ගෙන ගිය බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කහව පදිංචිව සිටි 41 හැවිරිදි බහුදින යාත්‍රා නියමුවෙකි.

මොහු ඉකුත් 27 වන දින තවත් ධිවරයින් පස්දෙනෙකු සමග ගාල්ල ධිවර වරයෙන් පිටත්ව ගොස් ඇති අතර ගැඹුරු මුහුදේදි (03) වන දින  හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත. පසුව එහිසිටි තවත් අයෙකු විසින් යාත්‍රාව ආපසු හරවාගෙන ඊයේ සවස ගාල්ල ධිවර වරායට පැමිණ මළ සිරුර බාරදි ඇත. 

මියගිය ධිවරයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ කරාපිටිය රෝහලේදි පැවැත්විමට නියමිතව තිබු අතර වරාය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply