ගාලු වරායේ දිරාපත් වන නෞකාව මිලියන 125 ක බැඳුම්කරයක් මත වහාම ඉවත් කර කරන්න නියෝග

ගාලු වරායේ නවතා ඇති දිරාපත්වෙමින් පවතින ෆොමෙන්ටෙරා නැමැති නෞකාව මිලියන 125ක බැඳුම්කරයක් මත වහාම ඉවත් කරගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාල පුද්ගලික පොද්ගලික ආයතනයට ඊයේ (04) නියෝග කළේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නැව සම්බන්ධයෙන් වන කරුණු අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම නෞකාව වරායේ නවතා තිබියදී මුහුදුබත් වුවහොත් එය රටට මෙන්ම අධිකරණයටද අපකීර්තියක් වන බැවින් එය ඉවත් කර ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරිය ඉල්ලීමක් කර තිබේ.

මෙරටට ගෑස් ගෙන ඇති මෙම නැවේ අයිතිය එක් සමාගමක් සතුව පවතින බවත් එය දිරාපත් වෙමින් යන නිසා ගාලු වරාය වරායෙන් ඉවත් කර ගැනීමට අදාල සමාගම විසින් රුපියල් මිලියන 125කට තවත් සමාගමට අවසර ලබාදී ඇති බවත්, එසේ තිබියදී තවත් සමාගමකටද නැව ඉවත් කර ගැනීම සඳහා අවසර ලබා දී තිබේ.

ඒ අනුව මෙම සමාගම් දෙකකට නැව ඉවත් කර ගැනීම සඳහා නඩු පවරා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ

මෙම පැමිණිල්ලට අදාළ සමාගමට විරුද්ධව අනෙක් සමාගම ද අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කර තිබේ

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නෞකාව වරායෙන් ඉවත් කර ගැනීම සඳහා අදාල පුද්ගලික සමාගමට බැඳුම්කර අවසර ලබාදි තිබේ.

Leave a Reply