ගාලු දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් 5,260ක ගොයම කහ වෙලා

ගාල්ල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් 5260ක් ගොයම් කහ වීමේ රෝගයට ගොදුරු වී ඇති බව දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

වටපණු රෝගය, දුඹුරු පුල්ලි රෝගය, පෝෂණ ඌනතාව, යකඩමල විස වීම යන රෝගවල සංකලනයක් හේතුවෙන් ගොයම් කහ වීමේ තත්ත්වය ඇති වී තිබෙන බවද එම කාර්යාලය සඳහන් කළේය. ගාල්ල දිස්ත්‍රික්කය තුළ කුඹුරු හෙක්ටයාර් 1,200ක් පමණ වටපණු රෝගයට ලක් වී ඇත.

මෙවර මහ කන්නයේදී ගාල්ල දිස්ත්‍රික්කය තුළ කුඹුරු හෙක්ටයාර් 12,860ක් වගා කොට ඇති අතර ඉන් සියයට 40කට පමණ ගොයම් කහ වීමේ රෝගය අඩු වැඩි වශයෙන් වැලඳී ඇති බවත් මාතර දිස්ත්‍රික්කය තුළ ගොයම් කහ වීමේ රෝගයට කුඹුරු හෙක්ටයාර් 450ක් ගොදුරු වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා බල ප්‍රදේශයට අයත් කුඹුරු හෙක්ටයාර් 2,900කට ගොයම් කහ වීමේ රෝගය වැලඳී ඇති බවද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ පිළිබඳ ගොවීන් දැනුවත් කරලා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීලා තිබෙන බවත් මෙම රෝගයේ ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා  ඉදිරි කන්නයේදී ගතයුතු ක්‍රියාමාර්ග සඳහා කමිටුවක්ද පත්කොට ඇති බවද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය

Leave a Reply