ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ගාල්ල මහ නගර සභාවේ 2023 වසර සදහා වු අයවැය ලේඛනය අද (16) සවස වැඩි ඡන්ද 21 කින් සම්මත විය.

නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි. අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 21ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 3කි.

පොදුජන පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය, නිදහස් පක්ෂයේ එක් මන්ත්‍රීවරියක්ද, එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයා ද ස්වාධින මන්ත්‍රිවරයාද අයවැය ලේඛනයට පක්ෂව ඡන්දය පාවිච්චි කරනු ලැබුහ.

අයවැය ලේඛනයට විපක්ෂව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා ඡන්දය ප්‍රකාශ කරන ලැබුහ.

අයවැය ලේඛනයට ඡන්දය විමසන අවස්ථාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ජන්දය දිමෙන් වැලකි සිටි අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සභාවට පැමිණ සිටියේ නැත.

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා හැර මන්ත්‍රී සංයුතිය 34කි

Leave a Reply