ගාල්ල මහින්ද විදුහලේ තවත් මුදල් වංචාවක් – බැංකු වාර්තා ගන්න අධිකරණ නියෝග

නඩුවක නිතිඥ ගාස්තු ගෙවිමට බව පවසා ගාල්ල මහින්ද විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුමෙන් හිටපු සම ලේකම් සහ හිටපු භාණ්ඩාගාරික රුපියල් ලක්ෂ විසි දෙකක් වංචාකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් බැංකු ගිණුම් වාර්තා ලබා ගැනිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (28) ගාල්ල පොලිසියට නියොගයක් ලබා දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කල අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදුන්නේය..
ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන්, අතිරේක සභාපතිගෙන් සහ සම ලේකම්ගෙන්ද මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය. මෙහිදී පැමිණිල්ලට අදාල බැංකු ගිණුම් වාර්තා ලබා ගැනිමට නියෝගයක් නිකුත් කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධයට සම්බන්ධ සියලුම බැංකු ගිණුම් වාර්තා ලබා ගැනිමට නියෝගයක් නිකුත් කලේය
ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශණ අංශයේ  ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.එස්.එල්.නාරංගොඩ මහතාගේ උදෙස් පරිදි  පොලිස් පරික්ෂක මල්ෂ මුදියත් මහතා විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී..
පෙර පුවත සදහා 👇 

Leave a Reply