ගාල්ල මහමෝදර ගින්නකින් නිවාසවලට හානි

ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත ප්‍රදේශයේ නිවසක අද (28) දහවල් ඇතිවු ගින්නකින් එම නිවස සම්පුරණයෙන්ම විනාශවි යාබද තවත් නිවාස දෙකකට හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවද පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවිමට උත්සාහ කර ඇති අතර පසුව ගින්න සැලවිමත් සමග ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය පැමිණ ගින්න නිවා දැමිට පියවර ගනු ලැබුවත් ඒ වනවිට නිවස සම්පුරණයෙන්ම විනාශවි තිබු අතර පසුව යාබද න‍ිවෙස්වලට ගින්න පැතිර යාම වළක්වා තිබේ

ගින්න පිළිබඳව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply