ගාල්ල බස් – දුම්රිය ස්ථාන යාවෙන ගුවන් පාලමේ ගමන අවදානම් (VIDEO)

ගාල්ල ප්‍රධාන බස් නැවතුම් පොළත් දුම්රිය ස්ථානයත් සම්බන්ධ කොට ඉදිකර ඇති මගී ගුවන් පාලම අබලන්ව කැඩී බිඳී යාමේ තර්ජනයකට මුහුණපා ඇත.

මෙම පාලම මතින් ගමන් කිරීම සඳහා එය යොදා නොගන්නා ලෙසත් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් ගාල්ල මහ නගර සභාව ජනතාවට දැනුම් දෙමින් දැන්විමක් ප්‍රදර්ශනය කර තිබේ.

මෙම පාලම නිසි අයුරින් නඩත්තු නොකිරීම නිසා මෙම තත්ත්වයට පත්ව ඇතැයි ජනතාව චෝදනා කරයි. කෙසේ වෙතත් මෙම පාලම පරිහරණයට නොගෙන විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුම් දී දැන්වීම් ප්‍රදර්ශනය කර තිබුණ්ත් ජනතාව එය නොසලකා භාවිතා කරන අයුරු දක්නට ලැබේ.

මෙහි දමා ඇති කොන්ක්‍රීට් ආධාරකයක් කැඩී ඇති අතර ගමන් කිරීම සඳහා යොදා ඇති තහඩු ද දිරාපත්ව කැඩි ඇති අයුරු නිරීක්ෂණය වේ.

පාලම අබලන්ව ඇති අයුරු

Leave a Reply