ගාල්ල දිස්ත්‍රික්කයේ අපරාධ මැඩලිමට විශේෂ පොලිස් ඒකකයක්

මත්ද්‍රව්‍ය සහ පාතාල කටයුතු මර්ධනය කිරිම සඳහා ලබන සතියේ සිට විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් පිහිටුවන බව ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා ඊයේ (29) පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි පැවසිය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවේ දිස්ත්‍රික් සම්න්ධිකරණ කමිටුවේ සභාපති ගාල්ල දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රි සම්පත් අතුකෝරාල මහතා ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහිදි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ලබන සතියේ සිට ඇල්පිටිය සහ ගාල්ල පොලිස් අධිකාරි කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ පොලිස් විමර්ශණ ඒකකයක් පිහිටවනු ලබන බවය. විශේෂ පුහුණුව ලැබු පොලිස් නිලධාරින් විසි පස් දෙනෙකුගෙන් සමන්විත මෙම ඒකකය පිහිටුවිමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේම මත්ද්‍රව්‍ය වැටලිම් සහ පාතාල මර්ධන කටයුතු කරන සිදු කරන බවත් ඒ සඳහා අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසිය

Leave a Reply