ගාල්ල කොටුවේ නිවසක මළසිරුරක්

ගාල්ල කොටුව ප්‍රදේශයේ නිවසක කාමරයක තිබු මළ සිරුරක් අද (21) පෙරවරුවේ සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර මොහු ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවට සැක කරන බවත් මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල චීන කොරටුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.

මළ සිරුර පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය අද පෙරවරුවේ පැවත්විමට නියමිතව තිබිණ

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply