ගාල්ල කියන්නෙ අපිට ගෙදර වගේ – දිමුත්

තරග දෙකකින් සමන්විත සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) දිනයේ මෙන්ම අද (15) දිනයේත් සිය පුහුණු සැසිය වෙනුවෙන් එක්වී සිටියේය.

මේ අතර හෙට තරගය නැරඹිම සඳහා ක්‍රීඩාලෝලීන්ට නොමිලේ අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේ,

“ගාල්ලේ ආපුවාම අපිට දැනෙන්නේ නිවහන වගේ. කාලගුණය ගැන අපිට කියන්න බැහැ. අපිට කරන්න පුළුවන් දේවල් ගැන විතරයි අපි හිතන්නේ.”

“අපේ මූලික 11ත් එක්ක රමේෂ්ටයි ප්‍රභාත්ටයි වැඩි අවස්ථාවක් තියෙන්නේ මුලින්ම තරගය සෙල්ලම් කරන්න. දුෂාන් හේමන්ත මම හිතන විදිහට හොඳ පන්දු යවන්නෙක්. හොඳ පාලනයක් තියෙන වමතින් පන්දු යවන්නෙක්. අපි අනිවාර්යෙන්ම අවස්ථාවක් දෙන්න බලාපොරෝත්තු වෙනවා තරග දෙකක් තියෙනවා.” 

“පළවෙනි තරයේදී හරියටම කියන්න බැහැ ඔහුට ක්‍රීඩා කරන්න ලැබෙයිද? කියලා. දෙවන තරගයේදී අවස්ථාවක් දෙන්න පුළුවන් මොකද අපිත් ඒ ගැන සලකලා බලනවා. ඔහුට අවස්ථාවක් ලබාදෙන්න. ඔහු කරලා තියෙන දේවල් එක්ක ඒ තරගාවලින් එක්ක ඔහු තරගයක් ක්‍රීඩා කරන්න හොඳ තත්ත්වයක ඉන්නවා.” 

“ගොඩක් වෙලාවට අපි ගාල්ලේ සෙල්ලම් කරනකොට දඟපන්දු යවන්න දෙන්නෙක් ඉන්නවා. අතිරේක දඟපන්දු යවන්නාත් එක්ක දඟපන්දු යවන්නන් තුන්දෙයි. අපි බලාපොරොත්තු වෙනවා තව වේගපන්දු යවන්නන් දෙන්නෙක්ගෙන් ක්‍රීඩා කරන්න.” 

“මොකද උණුසුමත් ගොඩක් වැඩියි. එක පන්දුයවන්නෙක් අබාධයකට ලක්වුණොත් හරි වේගපන්දු යවන්නෙක් නැති වෙන හින්දා.”

Leave a Reply