ගාල්ලේ විදේශ යුවළක් පදිංචි නිවසකින් ලක්‍ෂ 45ක මුදල් හා දේපළ සොරාගෙන

රුසියානු ජාතික යුවළක් පදිංචිව සිටි ගාල්ල, නාවින්න, ප්‍රදේශයේ සංචාරක නිවස්නයක් (villa) බිඳ එහි තිබූ රුපියල් ලක්‍ෂ 45ක් වටිනා මුදල් හා දේපළ සොරකම් කරගෙන ගොස් ඇති බව පෝද්දල පොලිසිය පවසයි.

වීදුරුවක් බිඳ නිවසට ඇතුළු වූ අයකු එහි තිබූ ඇමරිකානු ඩොලර් 7,000ක් හා ලක්‍ෂ 20ක මුදලක් සමඟ අයි පෑඩ් එකක් සොරකම් කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි

නාවින්න ප්‍රදේශයේ කුරුඳු ඉඩමක් මැද පිහිටා ඇති මෙම නිවස තුළ රුසියානු ජාතික යුවළ දරුවා සමඟ එහි පදිංචිව සිට ඇත. ඉකුත් 30 වැනි දින මොවුන් උණවටුනට ගොස් රාත්‍රියේ යලි නිවස්නය පැමිණ බැලිමෙදී මේ බව දැක පොලිසියට පැමිණිලි කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පෝද්දල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply