ගාල්ලේ මී උණ අවදානමක් වසරේ මේ දක්වා මරණ 15ක්

ගාල්ල දිස්ත්‍රික්කය තුල මී උණ පැතිරයාමේ අවදානමක් මතුව ඇති බවත් මෙම වසරේ ගතවු මාස තුන හමාර තුල පමණක් මී උණ මරණ 15ක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ එරන්ද හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසීය

2022 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුල පමණක් මී උණ රෝගින් 127 දෙනෙකු වාර්තා වි තිබෙන අතර මෙම කාලය තුල සිදුව ඇති මී උණ මරණ සංඛ්‍යාව 15කි. මෙම මරණ අතර අවුරුදු දහතුනක පාසල් සිසුවියක්ද සිටින බව වෛද්‍ය එරන්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය

සාමාන්‍යයෙන් කලින් මෙම රෝගය වැළඳුනේ දිනපතා කුඹුරු වැඩ කරන අයටයි. නමුත් දැන් එම අය දැනුවත් නිසා කුඹුරට බැසිමට පෙර  ප්‍රතිකාර ගන්නවා පසුගිය කාලයේ වාරතාවු රොගින් අතර ඉඳහිට කුඹුරට බැහැපු අය වෙනත් කෙනෙකුගේ උදව්වට කුඹුරට බැහැපු අය සරුංගල් අරින්න කුඹුරට බැහැපු ළමයින් කුඹුරු හරහා වෙනත් වැඩවලට ගිය අය සිටිනවා. ඒ වගේම මඩ සහ ජලය ආශ්‍රිත ඉඩම්වල වගා කරන අ‍යත් කීර කොටු වගාකර ගෙන යන අයත් ඉන්නවා.

කරන්දෙණිය, බද්දේගම, ඉමදුව, බලපිටිය, උඩුගම, යක්කලමුල්ල යන යන කොට්ඨාසවල මේ වනවිට දිස්ත්‍රික්කයේ වැඩිම රෝගින් වාර්තා වි ඇත.

තවමත් ලංකාවේ මි උණ වැළදෙන්නේ මී මුත්‍රාවලින් වුවත් මී හරකාගෙන් සහ බල්ලාගෙන්ද බෝවිමට පුලුවන් බවට සොයාගෙන තිබෙනවා. එනිසා මී උණ රෝගයට නිසි වේලාවට ප්‍රතිකාර නොගත්තොත් ජීවිතය පවා අහිමි විය හැකි බව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply