ගාල්ලේ ගොවීන්ට බාල කොම්පෝස්ට් දුන් සමාගමක් Black list

ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සපයන ලද සමාගමක් වහාම අසාදු ලේඛනගත කිරීමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසීය.

දැනට එම සමාගම ගොවීන්ට සපයා ඇති පොහොරවලට කිසිදු මුදලක් නොගෙවීමට කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් දුන් බවද ඔහු කීය.

පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට කරන ලද පැමිණිලි අනුව කළ පරීක්‍ෂණයකදී එම පොහොරවල සියයට 34කට වඩා වැලි තිබූ බව තහවුරු වී ඇත.

පසුගිය මහ කන්නයේ ගොවීන්ට ලබාදුන් කොම්පෝස්ට් පොහොරවල වැව්ලින් ගොඩ දමන කළු පැහැති පස් සහ ටයර් පුලුස්සා මිශ්‍ර කරන ලද වැලි වැඩි වශයෙන් පැවැති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

ගොවි ජනතාවට සපයන කාබනික පොහොර ප්‍රමිතියෙන් බාල බවට තහවුරු වුවහොත් කිසිදු භේදයකින් තොරව එම සමාගම් අසාදු ලේඛනගත කර නඩු පැවැරීමට පියවර ගන්නැයි අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබේ.

Leave a Reply