ගාල්ලෙන් මුහුද ගිය ධීවරයා ජිවිතක්ෂයට

ඈත ගැඹුරු මුහුදේ බහුදින යාත්‍රාවකින් ගාල්ල ධිවර වරායෙන් ධීවර කටයුතු පිටත්ව ගොස් සිටියදි අසනිප තත්ත්වයකින් ධීවරයෙකු ඊයේ (14) මියගොස් ඇති බව වරාය පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ තෙල්වත්ත පදිංචි ධීවරයකි.

මොහු ඔක්තෝබර් 28 වන දින තවත් ධිවරයින් පිරිසක් සමග ගාල්ල ධිවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර ගැඹුරු මුහුදේදි හදිසි අසනිපයකින් මියගොස් ඇත.

මියගිය ධිවරයාගේ මළ සිරුර හෙට (16) ගාල්ල ධීවර වරායට රැගෙනැවිත් පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය රෝහලට ගෙන යාමට නියමිත බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply