ගාල්ලෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාව පෙරලි ධිවරයින් 03ක් අතුරුදන්

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් සැතපුම් 200ක් පමණ ඈත ගැඹුරු මුහුදේ අනතුරට පත්විමෙන් එහි සිටි ධිවරයින් තිදෙනෙකු අතරුදහන්ව ඇති බවත් මුහුදේ පාවෙමින් සිටි ධිවරයින් තිදෙනෙකු වෙනත් ධිවර යාත්‍රාවකින් බේරාගෙන මේ වනවිට ගොඩ බිමට රැගෙන එමින් සිටින බවත් වරාය පොලිසිය පවසයි.

ධිවරයින් හය දෙනෙකු සමග ඉකුත් 22වනදින ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර එය ඈත මුහුදේදි අනතුරට පත්විම නිසා ධිවරයින් තිදෙනෙකු අතුරුදහන්ව ඇති අතර ධිවරයින් තිදෙනෙකු දින පහක් තිස්සේ ජලයේ පාවෙමින් සිටියදි වෙනත් යාත්‍රාවකින් ‍බේරාගෙන ඇත.

එසේ බේරාගත් ධිවරයින් තිදෙනා මේවනවිට ගොඩ බිමට ගෙන එමින් සිටින බවද හෙට දිනයේ ඔවුන් රැගත් යාත්‍රාව ධිවර වරාය වෙත ලඟාවනු ඇතැයිද වරාය පොලිසිය පවසයි.

Leave a Reply