ගලි වළකට වැටී නගර සභා සේවකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

කොටහේන හෙට්ටියාවත්ත හන්දියේ දී ගලි වළකට ඇද වැටීමෙන් නගර සභා සේවකයන් දෙදෙනෙකු අද (27) දහවල් මියගොස් ඇතැයි කොටහේන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 14 සහ 10හි පදිංචි 28 හැවිරිදි හා 38 හැවිරිදි කොළඹ මහ නගර සභාවේ අනියම් කම්කරුවන් දෙදෙනෙකි

මියගිය පුද්ගලයන් දෙදෙනා ඇතුළු කම්කරුවන් කීපදෙනකු හෙට්ටියාවත්‍ත හංදිය ගලි වලක නල පද්ධතිය අලුත්වැඩියා කටයුතු සිදු කරමින්  සිටියදී එක් අයකු සිහිසුන්ව ගලි වලට වැටී ඇති අතර අවස්ථාවේදී අනෙක් පුද්ගලයා ඔහු බේරා ගැනීම සඳහා උත්සාහ කිරීමේදී ඔහු ද එයට ඇද වැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

වහා ක්‍රියාත්මක වූ සෙසු සේවකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා ගොඩ ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply