ගම්පොළ තරුණිය අවසන් ගමන් යයි – සැකකරු රිමාන්ඩ්

ගම්පොළ ප්‍රදේශයේ ඉකුත්දා ඝාතනය කර තිබු ෆාතිමා මුනව්වරා තරුණියගේ අවසන් කටයුතු අද (14) පස්වරුවේ වැලිගල්ල ඇල්පිටිය මුස්ලිම් පොදු සුසාන භූමියේ දී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කර තිබේ.

මෙම තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අත් අඩංගුවට ගත් සැකකරු ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව පොලිසිය පවසයි.

සැකකරු විසින් ලබාදුන් ප්‍රකාශයක් මත ඝාතනයට ලක්වු‍ තරුණියගේ මළසිරුර ඊයේ (13) ගොඩගනු ලැබීය.

ඝාතනය කර වළ දමා තිබූ ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද (14) මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ශිවසුබ්‍රමණියම් මහතා විසින් සිදුකරනු ලැබීය.

ගෙල සිරකිරීමෙන් එම මරණය සිදුව ඇති බවත් ඇය දූෂණයට ලක්ව නොමැති බවත් වෛද්‍ය වාර්තා වේ සඳහන් වී ඇත.

ගම්පොළ තරුණියක් අතුරුදහන්

අතුරුදන්ව සිටි ගම්පොළ තරුණිය ඝාතනය කරලා ?

ඝාතනයට ලක්වු ගම්පොළ තරුණියගේ සිරුර ගොඩගනී

Leave a Reply