කොළඹ බලා ගිය රුහුණේ ගැටී පුද්ගලයකු මරුට

හික්කඩුව කුමාරකන්ද රේල් ගෙට්ටුව අසලදී මාතර සිට කොළඹ බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ ගැටී අද (21) පෙරවරුවේ පුද්ගලයෙකු මිය ගොස් ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.

අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇති බවත් අනතුරින් පසු දුම්රිය නියාමකවරයා විසින් මළ සිරුර හික්කඩුව දුම්රිය ස්ථානය වෙත භාරදීමෙන් පසු මළ සිරුර කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබේ.

මියගිය පුද්ගලයා පෙනුමෙන් වයස අවුරුදු 55 ක වන බවත් මෙතෙක් අනන්‍යතාවය තහවුරු කර ගෙන නොමැති බවද වාර්තාවේ.

Leave a Reply