කොළඹ ඉදලා හික්කඩුවට එන ගමන් දුම්රියේ දී රුසියානු යුවළගේ ලැප්ටොප් දෙක උස්සලා

කොළඹ සිට මාතර බලා ධාවනයවූ සිඝ්‍රගාමී දුම්රියේ ගමන් ගත් රුසියන් ජාතික යුවළකගේ ලැප්ටොප් පරිඝනක දෙකක් අඩංගු ගමන් මලු දෙක සොරකම් කිරීම සම්බන්ධයෙන් අද (27) ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පානදුර දකුණ පොලිසිය පවසයි.

හික්කඩුවේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටින 32 හැවිරිදි රුසියානු ජාතිකයෙකු විසින් කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

රුසියානු ජාතික යුවළ මරදාන සිට මාතර බලා ධාවනයවූ  දුම්රියෙන් කොළඹ සිට හික්කඩුව බලා ගමන් කර ඇති අතර, ඔවුන්ගෙන් ලැප්ටොප් දෙක අඩංගු ගමන් මලු දෙක දුම්රිය රාක්කයේ තබා අසුන්ගෙන සිට ඇතැයි පැමිණිල්ලේ සඳහන්ව තිබෙන බව වාර්තාවේ

පානදුර දුම්රිය ස්ථානයට දුම්රිය ළගාවන විට දුම්රිය මැදිරි තුළ දැඩි තදබදයක් හටගෙන ඇති අතර, එහිදී ඉදිරියෙන් සිටී කළු පැහැති ටී ෂර්ට් එකක් ඇද සිටි පුද්ගලයකු ලැප්ටොප් දෙක අඩංගු ගමන් මලු දෙක රැගෙන ගොස් ඇති බවත්, ඔහු නැවත දුටුවහොත් හඳුනාගත හැකි බවත් පවසා ඇතැයි වාර්තාවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුරට පරික්ෂණ පවත්වා ගෙනයනු ලබය.

Leave a Reply