කොස්තාපල්වරුන් දෙදෙනෙකුට වසර 10ක සිරදඬුවම්

කාන්තාවක අයුතු ලෙස සිරකර තබා ගෙන ලිංගික අතවර කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත වසර 10 බැගින් වූ සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කර තිබේ.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් අදාළ දඬුවම නියම කළ විනිසුරුවරයා මීට වසර 07කට ඉහතදී කළ වරදට රුපියල් 15000 බැගින් දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ පිටකොටුව පොලිසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරුන් දෙදෙනෙකුටය.

2015 වසරේදී කාන්තාවක අයුතු ලෙස සිරගත කර ගෙන ලිංගික අතවර කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබේ.

Leave a Reply