කොස්ගොඩ මුහුදේ ගිලී තරුණයෙකු අතුරුදන්

කොස්ගොඩ, ගල්බොක්ක ප්‍රදේශයේ මුහුදේ නෑමට ගිය පුද්ගලයෙකු අද (03) සවස දියේ ගිලි අතුරුදහන්ව ඇතැයි කොස්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ කරන්දෙණිය ගම්ඉම පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

ඔහු තවත් මිතුරන් පිරිසක් සමග අද සවස පමණ මුහුදේ නාමින් සිටියදි අතුරුදහන්ව ඇති බවට ඔහුගේ පියා විසින් කොස්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.

අතුරුදහන්වු පුද්ගලයා මේ වනතුරු සොයා ගෙන නොමැති අතර කොස්ගොඩ පොලිසිය විසින් පරික්ෂන පවත්වා ගෙන යනු ලැබේ

Leave a Reply