කොරියාවේ ශෝකය රැගෙන කොරියානු තානාපතිවරයා මියගිය මුනාෆර්ගේ නිවෙසට

පසුගියදා මළවුන් සමරන උත්සවයක් අතරතුර කොරියාවේදී සිදු වූ තෙරපුම නිසා මරණයට පත්වූ මහනුවර උඩතලවින්න පදිංචි මොහොමඩ් ජිනාත් මුනාෆර්ගේ නිවෙසට ශ්‍රී  ලංකාවේ කොරියානු තානාපතිවරයා ඉකුත් 4 වැනිදා පැමිණ තිබේ

මියගිය අයගේ පියා ඇතුළු පවුලේ ඥාතීන් පෞද්ගලිකවම හමු වී කොරියානු රජයේ සහ කොරියානු ජනතාවගේ ශෝකය පළ කර තිබේ.

මියගිය අයගේ පවුලේ ඥාතීන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් මේ පවුලේ තොරතුරු විමසා සිටි අවස්ථාවේ පවුලේ අය මියගිය මොහොමඩ් ජිනාත් මුනාෆර්ගේ බිරිය ගැබිනියක බවත් මවද අසනීපයෙන් පසුවන බවත් ඔවුන් නඩත්තු කළේ මියගිය අය බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

එම කරුණු පිළිබඳව අවධානය යොමු කළ තානාපතිවරයා මියගිය අයගේ පවුලේ අය සඳහා ලබාදිය හැකි උපකාර හා සහන ශ්‍රී  ලංකාවේ විදේශ අමාත්‍යාංශය හරහා ලබාදෙන බවද ප්‍රකාශ කර තිබේ.

Leave a Reply